IGP CD Wickramaratne is appointed as a member of the National Sports Council.
In accordance with Section 4(2) of the Sports Act No. 25 of 1973 (as amended) and the regulations made thereunder, as a member of the National Sports Council for a period of three years today (19) Inspector General of Police C.D. Mr. Wickramaratne has given the appointment from the Minister of Sports and Youth Affairs Mr. Roshan Ranasinghe.
After accepting the new appointment, a discussion was held to strengthen the anti-sports corruption unit to prevent the corruption of sports through bribery and the minister asked the Inspector General of Police Mr. CD Wickramaratne to give the necessary guidance to strengthen the special police unit to investigate sports offences to prevent sports corruption.
It is the hope of the Minister to get the advice and guidance needed to create a clean game free from fraud and corruption to do justice to the players through this post of the National Sports Council.
In addition to this, the Minister of Sports and Youth Affairs, Mr. Roshan Ranasinghe, requested him to raise the standards of the game, formulate policies and develop the infrastructure related to the game.
A group of Sri Lanka Police senior officers including Mr. K. Mahesan, Secretary of the Ministry of Sports and Youth Affairs, Dr. Shemal Fernando, Director General of the Sports Development Department, Senior Superintendent of Police W.A.J.H. Fonseka of the Sports Offenses Special Investigation Unit participated in this event
පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයෙකු ලෙස පත් වේ.
1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ (සංශෝධිත පරිදි) 4(2) වගන්තියට අනුව සහ එහිදී සාදන ලද රෙගුලාසිවලට අනුව වසර තුනක කාලයක් සඳහා ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයෙකු ලෙස අද (19) දින පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එම පත්වීම ලබා දී තිබේ.
අල්ලස් මගින් ක්‍රීඩාව දූෂණය වීම වැලක්වීම සදහා ක්‍රීඩා දූෂණ මර්දන ඒකකය ශක්තිමත් කිරීම සදහා වූ සාකච්ඡාවක් නව පත්වීම භාර ගැනීමෙන් අනතුරුව පැවැත්වු අතර ක්‍රීඩා දූෂණ වැලැක්වීම සදහා ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකය ශක්තිමත් කිරීමට අවශ්‍ය මගපෙන්වීම ලබා දෙන ලෙස මෙහි දී අමාත්‍යවරයා පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා හට පැවසීය.
ක්‍රීඩකයින්ට සාධාරණයක් ඉටු කිරීමට ක්‍රීඩාව රැක ගැනීමට වංචාවෙන්, දූෂණයෙන් තොර පිරිසිදු ක්‍රීඩාවක් නිර්මාණය කිරීමට අවශ්‍ය උපදෙස් හා මග පෙන්වීම ජාතික ක්‍රීඩා සභාවේ මෙම තනතුර හරහා නොඅඩුව ලබා ගැනීම අමාත්‍යවරයාගේ බලාපොරොත්තුව වී ඇත.
ඊට අමතරව ක්‍රීඩාවේ ප්රමිතීන් නංවාලීමට, ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට සහ ක්‍රීඩාවට අදාළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා අපගේ ක්‍රීඩකයින් හට ජාත්‍යන්තර ක්‍රීඩාවලින් ඉහළම මට්ටමින් තරඟ කිරීමට පමණක් නොව එය අවබෝධ කර ගැනීමටත් උපරිම සහයෝගය සහ මගපෙන්වීම අපේක්ෂා කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එතුමාගෙන් ඉල්ලීමක් කර සිටියේය.
මෙම අවස්ථාවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.මහේසන්, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ෂේමාල් ප්‍රනාන්දු, ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ විමර්ශණ ඒකකයේ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්.ඒ.ජේ.එච්.ෆොන්සේකා යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා පොලිස් ජ්‍යේෂඨ නිළධාරීන් පිරිසක් සහභාගී විය.