දකුණු අප්‍රිකානුවන් ටෙස්ට් තරගාවලිය අතහැර IPL යයි ?

March 16, 2022
දකුණු අප්‍රිකානුවන් ටෙස්ට් තරගාවලිය අතහැර IPL යයි ?

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවශ්‍යතාව හේතුවෙන් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා නොකිරීමට වැඩි ඉඩක් පවතින බවට ESPN වෙබ් අඩවිය වාර්තා කොට ඇත. දකුණු අප්‍රිකානු ටෙස්ට් කණ්ඩායමේ ක්‍රීඩකයන් ප්‍රධාන පුහුණුකරු මාක් බවුචර්ද මුණගැසී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කොට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කොට ඇත. වේගපන්දු යවන ක්‍රීඩක කාගිසෝ රබාඩා පළමු ටෙස්ට් තරගයට පමණක් ක්‍රීඩා කිරීමට සූදානම් බවත් අනිකුත් ක්‍රීඩකයන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා එක්වන බවත් ඉන්දීය වෙබ් අඩවි සදහන් කරයි.

කෙසේ නමුත් ටෙස්ට් තරගාවලියට පෙර පැවැත්වෙන එක්දින තරගාවලිය වෙනුවෙන් IPL තරගාවලියට ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ගෙන් සමන්විත සංචිතයක් නම් කොට ඇත. දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතන ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් ESPNcricinfo වෙබ් අඩවිය වාර්තා කොට ඇත්තේ IPL තරගාවලියට ක්‍රීඩකයන් නිදහස් කිරීම සම්බන්ධයෙන් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය හා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අතර ඇති ගිවිසුම නොවෙනස්ව පවතින බවයි.

යම් හෙයකින් කාගිසෝ රබාඩා පළමු ටෙස්ට් තරගයටද ක්‍රීඩා නොකළහොත් දෙවන පෙළ වේගපන්දු බලඇණියක් ආදේශ කිරීමට දකුණු අප්‍රිකාවට සිදු වනු ඇත. ඊට හේතුව වනුයේ ඇන්රිච් නොකියා ආබාධයකට ලක්වීම හේතුවෙන් බංග්ලාදේශ තරගාවලියට එක් නොවීම හා ලුන්ගි න්ගිඩි, මාර්කෝ ජන්සෙන් ඇතුළු අනිකුත් වේගපන්දු යවන්නන්ද IPL තරගාවලියට ක්‍රීඩා කිරීමයි. දකුණු අප්‍රිකානු දෙවනපෙළ වේගපන්දු යවන්නන් ලෙසින් ලූතෝ ස්පම්ලා, ලිසාඩ් විලියම්ස් බංග්ලාදේශ තරගාවලියට කැදවනු ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන්ව ඇත.

Sri Lankan Sports TV

Welcome to Sri Lankan Sports TV

Welcome to Sri Lankan Sports TV! Please enter your credentials to access exclusive sports content and live broadcasts.

Lost your password? Please enter your email address. You will receive mail with link to set new password.