Site icon Sri Lankan Sports TV

ඕස්ට්‍රේලියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයෙන් පාකිස්තාන ප්‍රබලයන් 2ක් ඉවතට!!!

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය එළඹෙන මාර්තු මස 4වනදා ආරම්භ වීමට නියමිතය. ඓතිහාසික වශයෙන් වැදගත් වන මෙම තරගයට පාකිස්තාන ප්‍රබල ක්‍රීඩකයන් දෙදෙනෙකු ක්‍රීඩා නොකරන බවට වාර්තා වෙයි. ඒ අනුව වේගපන්දු යවන ක්‍රීඩකයන් දෙපළක් වන හසන් අලී හා ෆහීම් අශ්‍රෆ් යන දෙදෙනාහට ඕස්ට්‍රේලියාවට එරෙහි පළමු ටෙස්ට් තරගය අහිමි වනු ඇත.

ඔවුන් දෙදෙනා පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම නියෝජනය කළ අතර එහිදී ඇති වූ ආබාධයන් හේතුවෙන් පළමු ටෙස්ට් තරගයෙන් ඉවත් කොට ඇත. ඔවුන් දෙදෙනා වෙනුවට ඉෆ්තිකාර් අහමඩ් හා මොහොමඩ් වසීම් පාකිස්තාන ටෙස්ට් කණ්ඩායමට කැදවා ඇත. හසන් අලී හා ෆහීම් අශ්‍රෆ් කරච්චිහිදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් පවතින බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කොට ඇත.

එමෙන්ම පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ නව පන්දු යැවීමේ පුහුණුකරු ෂෝන් ටේට් හට සිය පියාගේ අවසන් කටයුතු හේතුවෙන් රාවල්පින්ඩි හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟය අහිමි වන බව පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කොට ඇත. හිටපු ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක ශෝන් ටේට් වසරක කොන්ත්‍රාත්තුවක් මත පත් පාකිස්තාන පන්දු යැවීමේ පුහුණුකරු ලෙසින් පත් කෙරිණි.

Exit mobile version