අන්තර් සමාජ නැගීඑන තුන්දින තරගාවලියේ මෙතෙක් වැඩිම ලකුණු හා කඩුලු ලාභීන් !!!

March 18, 2022
අන්තර් සමාජ නැගීඑන තුන්දින තරගාවලියේ මෙතෙක් වැඩිම ලකුණු හා කඩුලු ලාභීන් !!!

අන්තර් සමාජ නැගීඑන තුන්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 12ක් අද දිනයේදී ආරම්භ වීමට නියමිතය. ක්‍රීඩා සමාජ 26ක සහභාගිත්වයෙන් කාණ්ඩ 4ක් යටතේ පැවැත්වෙන තරගාවලියේ මේ වන විට ප්‍රසාද ලකුණු පුවරුවේ එක් එක් කාණ්ඩයේ පෙරමුණ හිමිකරගැනීමට Moors, NCC , Tamil Union හා Colts ක්‍රීඩා සමාජ සමත් වී ඇත.

මේ දක්වා පැවති තරග අවසානයේදී වැඩිම කඩුලු ලාභියා බවට පත් වන්නට ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජ ක්‍රීඩක දිලුම් සුදීර සමත්වී ඇත. ඔහු තරග 3කට පමණක් ක්‍රීඩා කරමින් කඩුලු 31ක් දවාගෙන ඇත. පානදුර හා බදුරලිය ක්‍රීඩා සමාජවලට එරෙහිව පැවති තරග ද්විතවයේදීම කඩුලු 13 බැගින් දවාගැනීමට දිලුම් සුදීරට හැකිවිය. එමෙන්ම මුවර්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරන පාදගපන්දු යවන ක්‍රීඩක ටීසාන් විතුෂාන් තරග 4ක් තුළ කඩුලු 31ක් දවාගැනීමට සමත් වි ඇත. නාවික හමුදා ක්‍රීඩා සමාජය සමගින් පැවති තරගයේදී කඩුලු 11ක් හා සෙබස්තියනයිට්ස් ක්‍රීඩා සමාජයට එරෙහි තරගයේදී කඩුලු 9ක් දවාගැනීමට ටීසාන්ට හැකිවිය.

මෙතෙක් පැවති තරග අවසානයේදී වැඩිම ලකුණු ලාභියා බවට පත් වන්නට රාගම ක්‍රීඩා සමාජයේ යොවුන් ක්‍රීඩක අවිශ්ක තරිදු සමත්ව ඇත්තේ ඉනීම 4ක් තුළදී ලකුණු 478ක් රැස්කරමිනි. පානදුර ක්‍රීඩා සමාජයට එරෙහි තරගයේදී ලකුණු 215ක් රැස්කිරීමට අවිශ්ක තරිදුට හැකිවිය. වැඩිම ලකුණු ලාභීන් අතරෙහි දෙවැන්නා බවට පත්ව ඇත්තේ BRC ක්‍රීඩා සමාජයේ විනුර දුල්සරයි. ඔහු ඉනීම 8ක් තුළදී ලකුණු 418ක් රැස්කොට ඇත.

වැඩිම ලකුණු ලාභීන්
අවිශ්ක තරිඳු (478)
විනුර දුල්සර (419)
ජොහාන් ද සිල්වා (411)
සනෝජ් දර්ශික (396)
රවිදු රසන්ත (386)

වැඩිම කඩුලු ලාභීන්
දිලුම් සුදීර (31)
ටීසාන් විතුෂාන් (31)
කෞමාල් නානායක්කාර (30)
රජීන්ද්‍රන් අරවින්ත් (28)
යුගීෂ දිෂාන් (27)

Sri Lankan Sports TV

Welcome to Sri Lankan Sports TV

Welcome to Sri Lankan Sports TV! Please enter your credentials to access exclusive sports content and live broadcasts.

Lost your password? Please enter your email address. You will receive mail with link to set new password.