වනිඳු මෙවර LPL වේගවත්ම අර්ධ ශතකයට හිමිකම් කියයි

August 9, 2023
වනිඳු මෙවර LPL වේගවත්ම අර්ධ ශතකයට හිමිකම් කියයි

2023 LPL තරගාවලියේ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කරන්නට B-Love Kandy නායක වනිඳු හසරංගට හැකියාව ලැබුණා.

ඒ Galle Titans කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී පන්දු 18කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කරමින්.

වනිඳු පන්දු 27කදී ලකුණු 64ක් ලබා ගත්තා.

මේ නිසාම B-Love Kandy කණ්ඩායම මෙම තරගයේදී පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 203ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Galle Titans කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 4කදී සියල්ලන් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 114ක් පමණයි.

ඒ අනුව මෙම තරගයෙන් B-Love Kandy කණ්ඩායමට ලකුණු 89ක ජයක් හිමිවුණා.

පන්දුවෙන් ද දස්කම් පෑ වනිඳු ලකුණු 17කට කඩුලු 4ක් දවා ගත්තා.

තරගයේ වීරයා බවට පත් වුණේත් වනිඳු හසරංගයි.