දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් රැසකට IPL මුල් තරග අහිමි වෙයි !!!

March 9, 2022
දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් රැසකට IPL මුල් තරග අහිමි වෙයි !!!

දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් 8 දෙනෙකු හට එළබෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුල් තරග කිහිපය අහිමි වී ඇත. ඊට හේතුව වනුයේ බංග්ලාදේශය සමගින් පැවැත්වෙන එක්දින තරගාවලිය වෙනුවෙන් නම් කෙරුණු දකුණු අප්‍රිකානු සංචිතයට මෙම ක්‍රීඩකයන් 8දෙනා කැදවා තිබීමයි.

ලෝක කුසලාන සුපර් ලීග් වටයට අදාල තරග 3ක් වෙනුවෙන් බංග්ලාදේශ කණ්ඩායම දකුණු අප්‍රිකානු සංචාරයකට එක්වීමට නියමිතය. තරගාවලිය එළබෙන මාර්තු මස 18 වනදා සිට 23 වනදා තෙක් පැවැත්වෙනු ඇත. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මාර්තු මස 26 වනදා ආරම්භ වන අතර නිරෝධායන නීති රීති හේතුවෙන් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් 8 දෙනාට පළමු තරග කිහිපය මග හැරෙනු ඇත.

ලෝක ටෙස්ට් ශුරතා තරගවලියේ තරග 2ක් වෙනුවෙන්ද බංග්ලාදේශ කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම තරග වැදීමට නියමිත අතර එම තරගාවලියට එක්වන දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් හට IPL තරගවලියේ තරග මග හැරෙනු ඇත. තරග 2කින් යුතු එම ටෙස්ට් තරගාවලිය අප්‍රේල් මස 12 තෙක් පැවැත්වෙයි.

දකුණු අප්‍රිකානු එක්දින සංචිතයට නම් කෙරුණු Quinton de Kock, Marco Jansen, Aiden Markram, David Miller, Lungi Ngidi, Dwaine Pretorius, Kagiso Rabada හා Rassie van der Dussen යන ක්‍රීඩකයන්ට IPL මුල් තරග අහිමි වනු ඇත. Jansen, Markram, Ngidi, Rabada හා van der Dussen බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලියට නම් කිරීමේ වැඩි ඉඩක් පවතින බවද වාර්තා වෙයි.

දකුණු අප්‍රිකානු එක්දින සංචිතය
Temba Bavuma (C), Keshav Maharaj, Quinton de Kock (wk), Zubayr Hamza, Marco Jansen, Janneman Malan, Aiden Markram, David Miller, Lungi Ngidi, Wayne Parnell, Andile Phehlukwayo, Dwaine Pretorius, Kagiso Rabada, Tabraiz Shamsi, Rassie van der Dussen, Kyle Verreynne (wk).

Sri Lankan Sports TV

Welcome to Sri Lankan Sports TV

Welcome to Sri Lankan Sports TV! Please enter your credentials to access exclusive sports content and live broadcasts.

Lost your password? Please enter your email address. You will receive mail with link to set new password.