News
ඉතිහාසයේ අද වැනි දිනක කෙන්යානුවන් හමුවේ ලද අමිහිරි පරාජය !!!
2003 වසරේ පැවති එක්දින ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගයකදී ප්‍රබල ශ්‍රී ලංකා කණ්ඩායම හා කෙන්යානු කණ්ඩායම මුණ ගැසුනි. සනත් ජයසූරිය, මාවන් අතපත්තු, අරවින්ද සිල්වා, චමින්ද වාස් , මුත්තයියා මුරලිදරන් වැනි ක්‍රිකට් ලොව නම් දැරූ ක්‍රීඩකයන්ගෙන් සමන්විත වූ ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ එතෙක් මුහුණ දුන් තරග ත්‍රිත්වයම ජයගෙන තිබූ නිසාවෙන් මෙම තරගයට අවතීර්ණ වූයේ ජයග්‍රාහී මානසිකත්වයෙනි. එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රි ලංකා කණ්ඩායම හා කෙන්යානු කණ්ඩායම ඉන් පෙර මුණගැසුනු තරග ද්විත්වයම ජයගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්ව තිබු නිසාවෙන් මෙම තරගය පරාජයට පත් වේ යයි කිසිදු ශ්‍රි ලංකා ක්‍රීඩකයෙකු හෝ ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු නොවන්නට ඇත.
කාසිය වාසිය දිනූ ශ්‍රීලංකා නායක සනත් ජයසූරියගේ ආරාධනය පිලිගෙන පන්දුවට පහර දීමට පිටියට පිවිසි කෙන්යානු කණ්ඩායමේ පලමු කඩුල්ල සුපුරුදු පරිදිම පලමු පන්දුවාරයේදී දවාගන්නට චමින්ද වාස් සමත් විය. පලමු කඩුල්ල එසේ දැවී ගියද කෙන්යානු කඩුලු රකින්නා වූ කෙනෙඩි ඔටියෙනෝ අනික් පිතිකරුවන් සමගින් එක්ව සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව කෙමෙන් කෙමෙන් ඉහල නංවන්නට විය. කෙන්යානු ඉනීමේ සිව්වන කඩුල්ල ලෙසින් ලකුණු 60ක් ලබා සිටි ඔටියෙනෝගේ ඉනීමට නැවතීමේ තිත තබන්නට අරවින්ද සිල්වා සමත් විය. කෙන්යානු කණ්ඩායමේ ලකුණු පුවරුව පන්දුවාර 50 අවසානයේදී කඩුලු 9කට ලකුණු 210ක් ලෙස දිස්වද්දී කණ්ඩායමේ අනික් වැඩිම ලකුණු ලාභීන් වූ හිටේෂ් මෝඩි හා මොරිස් ඔඩුම්බේ ලකුණු 26 බැගින් රැස්කළහ. පන්දුයැවීමේදී මුත්තයියා මුරලිදරන් ලකුණු 28කට කඩුලු 4ක්ද හා චමින්ද වාස් ලකුණු 41කට කඩුලු 3ක්ද බිදහෙලන්නට සමත් විය.
ප්‍රභල පිතිකරණ බලඇණියකින් සමන්විත වූ ශ්‍රීලංකා කණ්ඩායමට මෙම ලකුණු 211 හබායෑම ඉතා අසීරු කාර්යක් බවට පත්කරන්නට කෙන්යානු පන්දු යවන්නන් වගබලාගත්හ. ශ්‍රීලංකා නායක සනත් ජයසූරිය ලකුණු 3කට දැවීයද්දී මාවන්, හෂාන් හා අරවින්ද ශ්‍රීලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට උත්සාහ දැරීය. මාවන් හා හෂාන් ලකුණු 23 බැගින් ලබා සිටියදී දවාගන්නට කොලින්ස් ඔබුයා සමත් වූ අතර සංගක්කාර හා මහේල දෙපලද ලකුණු 5කදී ක්‍රීඩාගාරයට හරවා යවන්නට ඔබුයා සමත් විය. ඔබුයා යොමුකල පන්දුවකට කට් පහරක් එල්ල කිරීමට යාමේදී අරවින්ද සිල්වාගේ පිත්තේ පන්දුව දැවටුනු බවට කඩුලු රකින්නා විසින් සිදු කළ ඉල්ලීම තහවුරු කළ රසෙල් ටිෆින් විනිසුරුවරයා එය දැවීයාමක් ලෙස සටහන් කලේය. එනමුත් එකල DRS ක්‍රමය භාවිතා වූයේ නම් එම දැවීයාම වෙනුවෙන් රිවිව් අවස්ථාවක් ලබාගැනීමට අරවින්ද සිල්වා දෙවරක් නොසිතන බව නොඅනුමානය. අරවින්දගේ දැවීයාමෙන් පසු රසල් ආනල්ඩ් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යාමට උත්සාහ කලද අනෙක් අන්තයේ පිතිකරුවන් දැවීගිය නිසාවෙන් එම උත්සහයෙන් පලක් නොවීය. පන්දුවාර 45ක් අවසානයේදී ශ්‍රී ලාංකා ඉනීම ලකුණු 157කට සීමා කිරීමට කෙන්යානු පන්දු යවන්නන් සමත් වූයේ ප්‍රථම වතාවට එක්දින තරගයකදී ශ්‍රී ලංකාව පරාජයට පත් කරමිනි. පන්දුවාර 10කදී ලකුණු 24කට ශ්‍රීලංකා ඉනීමේ කඩුලු 5ක් බිද හෙලූ කොලින්ස් ඔබුයා තරගයේ වීරයා ලෙස සම්මානයට පාත්‍ර විය.
තරගයේ කෙටි ලකුණු පුවරුව
කෙන්යානු කණ්ඩායම – 210/9 පන්දුවාර 50දී
කෙනෙඩි ඔටියෙනෝ 60(88), මොරිස් ඔඩුම්බේ 26(44)
මුත්තයියා මුරලිදරන් 4/28, චමින්ද වාස් 3/41
ශ්‍රි ලංකා කණ්ඩායම – 157/10 පන්දුවාර 45දී
අරවින්ද ද සිල්වා 41(53), රසල් ආනල්ඩ් 25(37)
කොලින්ස් ඔබුයා 5/24, ස්ටීව් ටිකොලෝ 2/13
Cricket
Croospulle’s Century Powers Sri Lanka ‘A’ to Comfortable Win
A brilliant century from Lasith Croospulle guided Sri Lanka ‘A’ to a convincing 44-run victory over New Zealand ‘A’ in the second unofficial ODI played in Hambantota.
After being put in to bat, Sri Lanka ‘A’ posted a formidable 368/9 in their allotted 50 overs. Croospulle led the charge with a brilliant 103 off 76 balls, striking 13 fours and six sixes in an aggressive display. He was well supported by Sonal Dinusha, who hammered 93 off 77 deliveries, and captain Sahan Arachchige, who contributed a solid 74. The top order maintained a high scoring rate throughout, consistently putting pressure on the visiting bowlers. Despite a few wickets falling at regular intervals, the hosts kept the momentum intact to reach an imposing total.
In response, New Zealand ‘A’ faced a revised target of 203 in 28 overs but managed only 158/3. Curtis Heaphy top-scored with an unbeaten 53, while Dale Phillips added 34. However, the required run rate proved too steep as Sri Lanka ‘A’ bowlers maintained control. Dilshan Madushanka struck early, and Milan Rathnayaka and Ravindu Fernando chipped in with key wickets to restrict the chase.
Cricket
Sri Lanka U19 Women suffer narrow defeat in thrilling encounter
Sri Lanka U19 Women suffered their first defeat of the tri-series after a dramatic one-wicket loss to Australia U19 Women in Match 3 of the Under-19 Women’s Tri-Series in Australia.
Batting first, Sri Lanka U19 Women posted a modest total of 174 in 49.3 overs. The innings was built around a patient 25 off 56 balls by V. Balasuriya and a brisk 20 from U. Peiris, but the side struggled to build lasting partnerships. Australia’s bowling attack kept things tight throughout, with M. Barwick leading the effort with an impressive 3 for 22, well supported by disciplined spells from the rest of the unit.
In response, Australia U19 Women chased down the target in 43.1 overs, finishing at 175 for 9 in a nail-biting finish. A. Dermody anchored the innings with a crucial 59 off 81 deliveries, while I. Panelli added a valuable unbeaten 37 off 43 balls to guide the hosts over the line.
Sri Lanka’s bowlers made a strong effort to defend the total, led by A. Thalagune’s outstanding five-wicket haul (5 for 42), which kept the contest alive until the final moments. N. Upeksha also provided excellent support with 3 for 5, applying pressure during the middle overs.
News
Sri Lanka Eyes Long-Term Cricket Revival as Government Unveils Structured Plan
Sri Lanka’s journey back to cricketing excellence will require patience, planning, and sustained effort, according to Sports Minister Sunil Kumara Gamage, who addressed Parliament on the future of the sport.
Highlighting the challenges facing the national game, the minister noted that the decline in cricket along with other sports—has unfolded over more than a decade. As a result, he cautioned against expectations of a quick turnaround, emphasizing that meaningful progress will take time.
Building strong athletes and competitive teams is a gradual process. It’s not something that can be rushed or treated like a short-term project
Gamage revealed that the government has already put in place a comprehensive, structured programme designed to rebuild the foundations of Sri Lankan cricket. He stressed that the initiative is focused on long-term development rather than immediate results.
Responding to criticism from opposition groups, the minister dismissed claims questioning the effectiveness of the plan, insisting that the strategy is firmly on track.
He also expressed confidence in the country’s ability to reclaim its former cricketing stature, assuring that the efforts underway will ultimately deliver results.
We are committed to restoring Sri Lanka cricket to its rightful place, and we are confident in the path we have taken,
-
Football1 year agoSri Lanka Schools National Championship 2025: Super 8 Fixtures and Grouping
-
News1 year ago2025 Schools Rugby Season Set to Thrill Fans with Knockout and League Action
-
Cricket10 months agoNuwan Thushara Shines as RCB Storms into IPL 2025 Final
-
Live4 years agoLive Broadcast of Syria vs Sri Lanka | AFC U23 Asian Championship Qualification
-
Cricket1 year agoSri Lanka’s Greatest Cricketers: Top Batters and Bowlers of All Time
-
News11 months agoMajor Shake-Up in Sports Governance: New 2025 Regulations Reform National Sports Bodies in Sri Lanka
-
Football1 year agoFFSL Rebrands Division-1 as ‘League-One’ with a Bold New Vision
-
Football11 months agoSri Lanka Announces U19 Football Squad for SAFF Championship 2025


You must be logged in to post a comment Login