Site icon Sri Lankan Sports TV

National Super Provincial සිව්දින තරගාවලියේ ඊයේ දිනයේ තරග තොරතුරු !!!

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන National Super Provincial සිව්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 2ක් දෙවන දිනටත් ඊයේ පැවැත්විණි. ඊයේ දිනයේදී වමත් දගපන්දු යවන ක්‍රීඩක මලින්ද පුෂ්පකුමාර පළමු පෙළ කඩුලු 800ක් සම්පූර්ණ කරන්නට සමත් වූයේ එවන් දස්කමක් පෑ හයවන ශ්‍රි ලංකා ක්‍රීඩකයා බවට පත් වෙමිනි.

යාපනය ගාල්ල තරගය
ඊයේ දිනයේදී තරගය ආරම්භ කරන විට යාපනය කණ්ඩායම සිය පළමු ඉනීමට කඩුලු 9ක් දැවී ලකුණු 218ක් රැස්කොට තිබුණි. යාපනය කණ්ඩායමේ අවසන් කඩුල්ලට ලකුණු 59ක් එක්කරන්නට නුවන් ප්‍රදීප් හා කල්හාර සේනාරත්නට හැකිවිය. ඉනීමේ වැඩිම ලකුණු ලාභියා වූ නුවන් ප්‍රදීප් හතරේ පහර 6ක් හා එක් හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 37ක් රැස්කළේය. ඒ අනුව සිය පළමු ඉනීම වෙනුවෙන් යාපනය කණ්ඩායම ලකුණු 254ක් රැස්කළ අතර පන්දු යැවීමේදී ගාල්ල කණ්ඩායම වෙනුවෙන් සුමින්ද ලක්ෂාන් කඩුලු 4ක් හා දිල්ෂාන් මධුසංඛ කඩුලු 3ක් බිදහෙලීය. පිළිතුරු ලෙසින් සිය පළමු ඉනීම ඇරඹූ ගාල්ල කණ්ඩායම ඊයේ දිනය අවසන් වන විට කිසිවෙක් නොදැවී ලකුණු 113ක් රැස්කොට සිටියහ. සංගීත් කුරේ නොදැවී ලකුණු 58ක්ද පබසර වඩුගේ නොදැවී ලකුණු 51ක්ද රැස්කිරීමට සමත් විය.

යාපනය පළමු ඉනීම : 254/10 (83.5)
නුවන් ප්‍රදීප්* 37, නවෝද් පරණවිතාන 34, නිෂාන් මදුෂ්ක 29
සුමින්ද ලක්ෂාන් 4/28, දිල්ෂාන් මධුසංඛ 3/51 චලන ද සිල්වා 2/72

ගාල්ල පළමු ඉනීම : 113/0 (30.4)
සංගීත් කුරේ* 58, පබසර වඩුගේ* 51

මහනුවර දඹුල්ල තරගය
ඊයේ දිනයට තරගය ආරම්භ කරන විට මහනුවර කණ්ඩායම
කඩුලු 3ක් දැවී ලකුණු 297ක් රැස්කොට සිටියහ. නායක කමිදු මෙන්ඩිස් හා ලහිරු උදාර එක්ව මහනුවර ලකුණු පුවරුව තවත් ඉහළ නංවන්නට විය. නායක කමිදු මෙන්ඩිස් හතරේ පහර 9ක් හා එක් හයේ පහරක් සමගින් ලකුණු 94ක්ද ලහිරු උදාර හතරේ පහර 9ක් සමගින් ලකුණු 83ක්ද රැස්කිරීමට සමත් විය. මහනුවර කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් ලකුණු 446ක් තුළ දැවී යද්දී පන්දුවෙන් දස්කම් පෑ මලින්ද පුෂ්පකුමාර ලකුණු 120කට කඩුලු 7ක් බිදහෙලීය. සිය පළමු ඉනීම ඇරඹූ දඹුල්ල කණ්ඩායමේ මුල්පෙල කඩුලු 3ක් ලකුණු 19කදී බිදවැටුනි. අනතුරුව නායක අශාන් ප්‍රියංජන් හා මිනෝද් භානුක දිනය අවසාන වන විට ලකුණු සංඛ්‍යාව 77ක් තෙක් ඉහළ නංවන්නට සමත් විය. මෙම තරග අද දිනයේදී තෙවන දිනටත් පැවැත්වෙයි.

මහනුවර පළමු ඉනීම : 446/10 (128.5)
ඕෂධ ප්‍රනාන්දු 97, කමිදු මෙන්ඩිස් 94, ලහිරු උදාර 83, කමිල් මිෂාර 74
මලින්ද පුෂ්පකුමාර 7/120, ලහිරු සමරකෝන් 1/59

දඹුල්ල පළමු ඉනීම : 77/3 (23.3)
මිනෝද් භානුක* 37, අශාන් ප්‍රියංජන්* 19

Exit mobile version