Site icon Sri Lankan Sports TV

ශ්‍රි ලංකා කබඩි පිළ මැලේසියාව හා එංගලන්තය පරාජයට පත් කරයි !!!

බංග්ලාදේශයේ ඩකාහිදී පැවැත්වෙන දෙවන Bangabandu කුසලාන කබඩි තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රි ලංකා කබඩි කණ්ඩායම සමත් විය. ලහිරු සම්පත්ගේ නායකත්වයෙන් යුතු ශ්‍රි ලංකා කණ්ඩායම මූලික වටයේදී එංගලන්ත කණ්ඩායම හා මැලේසියානු කණ්ඩායම පරාජයට පත් කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට සමත් විය.

ශ්‍රි ලංකා කණ්ඩායම මූලික වටයේදී මැලේසියානු කණ්ඩායම ලකුණු 53-26 ක් ලෙසින්ද එංගලන්ත කණ්ඩායම ලකුණු 44-19 ක් ලෙසින්ද පරාජයට පත් කිරීමට සමත් විය. අස්ලාම් රාජා හා L.තනූෂන් පිළිවෙලින් මෙම තරගයහි වීරයා ලෙසින් සම්මාන ලැබීය. ශ්‍රි ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර මූලික වටයේ තරගය ඊයේ පැවැත්විණි. අතිශය තියුණු මුහුණුවරක් ගත් තරගයේ අවසන් ලකුණු සටහන දිස්වූයේ ලකුණු 38-40ක් ලෙසිනි. ඒ අනුව මෙම තරගයෙන් ලකුණු 2ක තියුණු ජයක් ලබන්නට බංග්ලාදේශ කණ්ඩායමට හැකිවිය.

මෙම තරගාවලියේ A කාණ්ඩය යටතේ ශ්‍රි ලංකාව, බංග්ලාදේශය, එංගලන්තය හා මැලේසියාව ක්‍රීඩා කරයි. B කාණ්ඩය යටතේ කෙන්යාව, නේපාලය, ඉන්දුනීසියාව හා ප්‍රබල ඉරානය තරග වදිනු ඇත. තරගාවලියේ අවසන් පූර්ව තරග 23වනදාද අවසන් මහා තරගය 24වනදාද පැවැත්වීමට නියමිතය.

Exit mobile version