Site icon Sri Lankan Sports TV

The Sri Lankan team is ready for the Nation Cup Netball tournament

නේෂන් කප් නෙට්බෝල් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම්…

ඔක්තෝම්බර් මස 22 සිට 28 දක්වා සිංගප්පූරුවේ පැවැත්වෙන නේෂන් කප් නෙට්බෝල් තරගාවලියට තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම අද (19) ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයට පැමිණියේය.

එහිදී අමාත්‍යාංශ ලේකම් කේ.මහේසන් මහතා සහ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ශේමාල් ප්‍රනාන්දු මහතා හමුවිය.

මෙවර කණ්ඩායම සදහා නවක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් ඇතුලත් බවත්, ලබන වසරේ පැවැත්වීමට නියමිත ආසියානු නෙට්බෝල් තරගාවලිය සදහා මෙම නේෂන් කප් තරගාවලිය හොද පුහුණු අවස්ථාවක් වන බවත් කණ්ඩායමේ පුහුණුකාරිනී නාලිකා ප්‍රසාදි මහත්මිය පැවසීය.

ශිරෝමි කුරුප්පු මහත්මියගේ කළමණාකාරීත්වයෙන් දුලංගි වන්නිතිලක ක්‍රීඩිකාවගේ නායකත්වයෙන් යුත් ජාතික නෙට්බෝල් කණ්ඩායම නේෂන් කප් ජයග්‍රහණය ශ්‍රී ලංකාවට රැගෙන ඒමේ අධිෂ්ඨානය පෙරදැරිව මෙම සංචාරය සදහා එක්වන බව සංගමයේ සභාපතිනිය වික්ටෝරියා ලක්ෂ්මි මහත්මිය එහිදී පවසා සිටියේය.

අමාත්‍යවරයාගේ උපදෙස් හා මගපෙන්වීම අනුව තරගාවලියට සහභාගී වීමට ගුවන් ටිකට්පත් සදහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දෙමින් නේෂන් කප් නෙට්බෝල් තරගාවලිය ජයගෙන රටට කීර්තියක් හා ගෞරවයක් ගෙන ඒමට ක්‍රීඩිකාවන් හට සුබ පැතුම් එක් කළ ලේකම්වරයා සහ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා නෙට්බෝල් කණ්ඩායම සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටියහ.

කණ්ඩායම

  1. දුලංගි වන්නිතිලක – නායිකාව
  2. භාෂිනී යෝෂිත ද සිල්වා – උප නායිකාව
  3. ගයන්ජලී අමරවංශ
  4. රෂ්මි දිව්‍යාංජලී පෙරේරා
  5. ඉමාෂා සංකල්පනී පෙරේරා
  6. ශලනී රුක්ෂලා හපුආරච්චි
  7. සචිනි හිරුණිකා රොද්‍රිගෝ
  8. චලනි නදීශා
  9. හංසිමා සපුමාලි දිසානායක
  10. සුසීමා කුමාරි බණ්ඩාර
  11. කසුනිකා සේමිනි අල්විස්
  12. චනිදු රෂ්මි ඔබේසේකර

අතිරේක ක්‍රීඩිකාවන්

  1. ශානිකා මධුෂානී පෙරේරා
  2. ගයාත්‍රී කෞෂල්‍යා වීරසූරිය
  3. සජලි අප්නා

නිළධාරීන්

  1. නාලිකා ප්‍රසාදි – පුහුණුකාරිනී
  2. ශිරෝමි කුරුප්පු – කළමණාකරු
  3. ආවර්ජනා ද සිල්වා – සම්භාහක
Exit mobile version