Hon. Roshan Ranasinghe, Minister of Sports and Youth Affairs ceremonially signed a bilateral Memorandum of Understanding (MoU) today (10th October 2023) with Hon. Tim Watts, Assistant Minister of Foreign Affairs of Australia at the Sri Lanka Cricket in order to enhance the cooperation in sports between Sri Lanka and Australia.
This MoU will strengthen the bilateral relations between the two countries by identifying the fields of sports that need to be developed to showcase talents, exchange information, and exchange programs for athletes and sports personnel. Further, this bilateral cooperation will provide mutual benefits for training, coaching, improving sports science and medicine, developing sports discipline and good practices, and promoting gender equality in sports.
Moreover, this will facilitate taking part in training programs and sports competitions in Australia and exchange experiences for the future development of Sri Lankan athletes, coaches, and sports officers.
The High Commissioner of Australia in Sri Lanka, the Secretary Ministry of Sports and Youth Affairs, and senior officials of the Ministry and Department of Sports Development participated in the ceremony.
Quote attributable to the Hon. Roshan Ranasinghe, Minister of Sports and Youth Affairs:
“The signing of the MoU on sports cooperation between Sri Lanka and Australia is a remarkable moment for sportsmen and sportswomen of Sri Lanka in our journey to a Sports Economy”.
Quote attributable to the Hon. Tim Watts, Assistant Minister of Foreign Affairs, Australia:
“I am pleased to renew the Memorandum of Understanding in Sports Cooperation between Australia and Sri Lanka. Sports is a shared passion and links us together, highlighted by our friendly but fierce rivalry on the cricket field”.
ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර ක්‍රීඩා සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම.
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ක්‍රීඩා සහයෝගීතාව වර්ධනය කිරීම උදෙසා ගරු ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඕස්ට්‍රේලියාවේ ගරු විදේශ කටයුතු පිළිබඳ උප අමාත්‍ය ටිම් වොට්ස් මහතා සමඟ ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුමකට අද දින (2023.10.10) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී අත්සන් කරන ලදී.
මෙම අවබෝධතා ගිවිසුම මඟින් දෙරට අතර මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හා ක්‍රීඩා කණ්ඩායම්හි දක්ෂතා එළිදැක්වීමට, තොරතුරු හා වැඩසටහන් හුවමාරු කරගැනීම දියුණු කිරීමට අවශ්‍ය ක්‍රීඩා ක්ෂේත්රය හඳුනා ගනිමින් ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට හැකි වේ. තවද, මෙම ද්වීපාර්ශ්වික සහයෝගීතාව මඟින් පුහුණුවීම, පුහුණු කිරීම, ක්‍රීඩා විද්‍යාව හා වෛද්‍යවේදය වැඩිදියුණු කිරීම, ක්‍රීඩා විනය හා යහපැවැත්ම සංවර්ධනය කරලීම සහ ක්‍රීඩාවේ ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීම සඳහා අන්‍යෝන්‍ය ප්රතිලාභ ලබා ගත හැකි වේ.
තවද, ඕස්ට්‍රේලියාවේ පුහුණු වැඩසටහන් සහ ක්‍රීඩා තරග සඳහා සහභාගී වීමට මෙන්ම ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ, පුහුණුකරුවන්ගේ සහ ක්‍රීඩා නිලධාරීන්ගේ ඉදිරි සංවර්ධනය සඳහා අත්දැකීම් හුවමාරු කරගැනීමට ද මෙමඟින් අවස්ථාව සැලසේ.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් HE.Paul Stephens, එහි දෙවන ලේකම් (දේශපාලන) Ms Lara Sveinsson ඇතුළු ජ්‍යෙෂ්ඨ නිළධාරීන් පිරිසක් හා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේසන් මහතා ඇතුළු අමාත්‍යාංශයේ හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී විය.
ගරු ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අදහස:
“ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ක්‍රීඩා සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම ශ්‍රී ලංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අපගේ ක්‍රීඩා ආර්ථිකයක් කරා යන ගමනේ සුවිශේෂී අවස්ථාවක් වේ.”
ඕස්ට්‍රේලියානු ගරු විදේශ කටයුතු පිළිබඳ උප අමාත්‍ය ටිම් වොට්ස් මහතාගේ අදහස:
ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රීඩා සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම අලුත් කිරීමට ලැබීම පිළිබඳ මම සතුටු වෙමි. ක්‍රීඩාව යනු පොදු අරමුණු හා අපව එකට බැඳ තබන්නක් වන අතර ක්‍රිකට් පිටියේ දරුණු එදිරිවාදිකම් සිදු වුවත් අපගේ මිත්‍රශීලී බව ඉස්මතු කරනු ලබයි.