Site icon Sri Lankan Sports TV

LPL තරගාවලියට පෙර අන්තර් සමාජ විස්සයි විස්ස තරගාවලිය ඇරඹෙයි !!!

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තෙවන අදියර එළඹෙන අගෝස්තු මසදී පැවැත්වීමට නියමිතය. තරගාවලියේ ක්‍රීඩක තෝරාගැනීමේ ක්‍රියාවලිය සදහා නම ඇතුළත් කර ගැනීමට ක්‍රීඩකයන්ට අවස්ථාව සලසා දීම වෙනුවෙන් අන්තර් සමාජ විස්සයි විස්ස තරගාවලියක් පැවැත්වීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කොට ඇත.

අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලිය සාමාන්‍යයෙන් තුන්දින තරගාවලියෙන් ආරම්භ වෙයි. නමුත් මෙවර වෙනසක් සිදුකිරීමට ක්‍රිකට් බලධාරීන් තීරණය කොට ඇත්තේ LPL ක්‍රීඩක තෝරාගැනීමේ ක්‍රියාවලිය සදහා දේශීය ක්‍රීඩකයන් ජුනි මැද වන විට ලියාපදිංචි විය යුතු බැවිනි.

ක්‍රීඩා සමාජ 26ක් එක්වන මේජර් ලීග් තරගාවලියේ විස්සයි විස්ස ආකෘතිය මැයි හා ජුනි මාසයන්හිදී පැවැත්වීමට නියමිතය. විස්සයි විස්ස තරගාවලිය ජුනි මස 13 වනදා වන විට අවසන් කළ යුතු අතර ජුනි සිට ඔක්තෝබර් දක්වා මේජර් ලීග් එක්දින තරගාවලිය හා තුන්දින තරගාවලිය පැවැත්වීමට සැලසුම් කොට ඇත. මීට අමතරව National Super Provincial තරගාවලියේ සිව්දින තරගාවලියේ අවසන් මහා තරගයද අප්‍රේල් මස 7වනදා ආරම්භ වීමට නියමිතය. තවද එළඹෙන දෙසැම්බර් මසදී T10 තරගාවලියක් පැවැත්වීමටද ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කොට ඇත.

Exit mobile version