Site icon Sri Lankan Sports TV

මම FAIL කියන්නේ කවුද ? දසුන් ශානක

තමන් පිතිකරණයේදී අසාර්ථක ක්‍රීඩකයෙකු නොවන බව ශ්‍රී ලංකා එක්දින සහ T20 නායක දසුන් ශානක පවසනවා.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති 2023 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ නායකයින්ගේ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ගෝල් ටයිටන්ස් නායකයා මෙලෙස පවසා සිටියා.

තිසර පෙරේරාගේ ඉවත්වීමෙන් පසු තමන්ට අංක 6 පිතිකරු වගකීම ගැනීමට සිදුවූයේ එම ස්ථානයේ ක්‍රීඩා කිරීමට ආදේශක ක්‍රීඩකයකු නොමැති නිසා බවද දසුන් ශානක එහිදී පවසා සිටියා.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කර ඇති තරගාවලිවලදී අංක 6 සහ 7 ස්ථානයේ ක්‍රීඩකයන් අතරින් තමන් පළමු කිහිපදෙනා අතර සිටින බව පවසන දසුන් ක්‍රිකට් ක්‍රීඩාකරන සහ නරඹන අය ඒ බව හොදින් දන්නා බවත් පවසනවා.

එම නිසා තමන් කිසිවිටෙක සිය ක්‍රීඩා විලාශය සම්බන්ධයෙන් කණගාටු නොවන බවත්, තිසර පෙරේරා ක්‍රීඩා කරන කාලය තුළද මෙම තත්ත්වය පැවැති බවත් ඔහු කියා සිටියා.

ඇන්ජලෝ මැතිව්ස් ද අංක 6 පිතිකරණයේ නිරත වුණත් ඔහු දක්ෂතා අතරින් ඉහළට පැමිණියේ මුල් ස්ථාන අතරට පැමිණ ක්‍රීඩා කරමින් බවත් දසුන් පෙනවා දෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තමන්ගේ දක්ෂතාවය ගැන ඉදිරියේදී තීරණය කරනු ඇති බවද දසුන් පවසනවා.

Exit mobile version