Site icon Sri Lankan Sports TV

කායවර්ධන ක්‍රීඩිකා ජයරුක්ෂිගෙන් මෙරටට පදක්කම් ත්‍රිත්වයක්

අගෝස්තු 18 හා 19 යන දෙදින සිංගප්පූරුවේ පැවති, රටවල් 15කට අධික ප්‍රමාණයකින්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල ප්‍රමාණයක් සහභාගි වූ FIF WORLD CHAMPIONSHIP 2023 (FITNESS INTERNATIONAL FEDERATION) තරඟාවලියේ, තරඟ 3කම , තුන්වන ස්ථාන දිනාගැනීමට, ශ්‍රී ලංකාවේ ජයරුක්ෂි සමන්කුල ක්‍රීඩිකාව සමත් විය. එම තරග ත්‍රිත්වය වූයේ “Sport Model open”, “Lifestyle Model over 30” හා “Lifestyle Model open” යනාදි තරග ඉසව්ව ය.

1991 වසරේ මෙලොව එලිය දුටු ජයරුක්ෂි වත්තල, ශාන්ත ආනා බාලිකා විද්‍යාලයේ ආදිශිෂ්‍යාවක් වන අතර මේ වනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වාසය කරයි. ජයරුක්ෂි කායවර්ධන ක්‍රීඩාවට යොමුකර, මෙම ජයග්‍රහණ ඇයට ලබාගැනීමට ඇයට මගපෙන්වා ඇත්තේ, මෑතකාලීනව කායවර්ධනයෙන් ජයග්‍රාහකයින් රැසක් බිහිකල, ඇගේ පුහුණුකරු වන හර්ෂ් පීරිස් ය.

Exit mobile version