Site icon Sri Lankan Sports TV

ආසියානු කුසලාන මෙවර ලංකාවේදී !!!

2022 වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන තරගාවලිය ශ්‍රි ලංකවේදී පැවැත්වෙන බවට ආසියානු ක්‍රිකට් කවුන්සලය නිවේදනය කොට ඇත. ඒ අනුව මෙවර තරගාවලිය විස්සයි විස්ස ආකෘතිය යටතේ පැවැත්වීමට නියමිතය. මෙවර තරගාවලිය අගෝස්තු මස 27වනදා සිට සැප්තැම්බර් මස 11වනදා දක්වා පැවැත්වෙයි. තරගාවලියට සුදුසුකම් ලැබීමේ වටයේ තරග අගෝස්තු මස 20වනදා ආරම්භ වනු ඇත.

ආසියානු කුසලාන තරගාවලිය සෑම වසර 2කට වරක්ම පැවැත්වෙයි. නමුත් කොවිඩ් රෝගී තත්වය හේතුවෙන් 2020 වසරේ පැවත්වීමට නියමිතව තිබූ තරගාවලිය අවලංගු කෙරිණි. පවත්වා ඇති ආසියානු කුසලාන තරගාවලි 14 අතුරින් 7ක්ම ජයගෙන ඇත්තේ ඉන්දීය කණ්ඩායමයි. ආසියානු කුසලාන තරගාවලිය විස්සයි විස්ස ආකෘතිය යටතේ පවත්වා ඇත්තේ එක්වරක් පමණි. එවර අවසන් මහා තරගයේදී බංග්ලාදේශය පරාජයට පත් කරාන්නට ඉන්දීය කණ්ඩායමට හැකිවිය.

Exit mobile version