Site icon Sri Lankan Sports TV

අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු තරගාවලියේ 1- 0 ලෙස තරගයේ ජය සීෂෙල්ස් කණ්ඩායමට

අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු තරගාවලියේ සිව්වන තරගය අද ශ්‍රී ලංකාව සහ සීෂෙල්ස් අතර පැවැත්වුණා.
එම තරගය නිමාවට පත්වූයේ ගෝල 1- 0 ලෙස තරගයේ ජය සීෂෙල්ස් කණ්ඩායම ට හිමිකර දෙමින්.

තරගයේ පළමු අර්ධය නිමාවට පත්වුණේ ගෝල 0 -0 ලෙස සම තත්වයේ කණ්ඩායම් දෙකම පසුවන අවස්ථාවකයි. එහිදී සීෂෙල්ස් කණ්ඩායමට හිමි වූ දඬුවම් පහර අසාර්ථක වීම විශේෂත්වයක්.
එමෙන්ම ශ්‍රී ලංකා ගෝල රකින ක්‍රීඩක සහ නායක සුජාන් පෙරේරා ගේ දක්ෂ ගෝල රැකීම ද කැපී පෙණුනා.

තරගයේ 68 වන විනාඩියේදී ලැබූ කෝනර් කික් පහරක් සාර්ථක කර ගත් සීෂෙල්ස් කණ්ඩායම තරගයේ පළමු ගෝලය වාර්තා කළා. එම ගෝලය වාර්තා කිරීමට වොරන් මෙලී සමත් වුණා.

Exit mobile version